පව් කියලා බුකියේ වැළපුණු හැමෝගෙම කටවල් වැහෙයි - පියුමිගේ පුතාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි[VIDEO]

Report

මේ දවස්වල පියුමි හංසමාලිගේ නම උඩට ඇහෙන්නේ ඇගේ ආදරණීය පුතාට හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වුණ කේස් එකක් නිසා.

හැබැයි ඒ අතරේ පියුමි හංසමාලි නිසා ඇගේ පුතාට මඩ ගහනවද? නැත්තම් පුතා නිසා පියුමි හංසමාලිට මඩ ගහනවද? වගේ නානාප්‍රකාර ප්‍රශ්නත් මේ වෙලාවේ සමාජ මාධ්‍ය පුරා දුවනවා.

ඒ වගේ උභතෝකෝටිකයක හිරවෙලා ඉන්න සුවහසක් සමාජ මාධ්‍ය පරීශීලකයින්ගෙන් කොටසක් පියුමිගේ පුතාට බනිද්දි තවත් පිරිසක් පියුමිගේ පුතාගේ පැත්තේ තියෙන නිර්දෝෂීභාවය කියන්න අවි අමෝරාගෙන එනවා.

හැබැයි ඔන්න ඒ අස්සේ පුතා පව්, වලිය බේරන්න මැද්දට ආවේ ජීවිතේ ගැනවත් හිතන් නැතුව වගේ පියුමිගේ පුතාව වීරයා කරපු සමහරක් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ඉහින් කණින් දුම් දාන්න ඒ කියන සිදුවීමට අඳාළ බව කියන තව වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.

පියුමි හංසමාලිගේ පුතා එක්ක 6දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට - හේතුව මෙන්න

පියුමි හංසමාලිගේ පුතා එක්ක 6දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට - හේතුව මෙන්න

ඒ දර්ශනවලට අනුව වලිය බේර ගන්න මැද්දට පැන්න ඉලන්දාරියා හෙල්මට් එකකින් හොඳහැටි අමතන ගමන් කෙනෙක්ට පහර දෙනවා පේනවා.

කොහොම නමුත් මේ වීඩියෝ දර්ශනය නිසා ආ‍යෙත් පියුමි හංසමාලියි, පියුමිගේ පුතයි දෙන්නම සමාජ මාධ්‍ය ඇතුළේ ටොපික් එකක් වෙලා තියෙනවා. සමහරු බනිනවා, සමහරු දෙස් දෙවොල් තියනවා.

තවත් සමහරක් ඈයෝ ඒත් පව් කියන මට්ටමින් බලනවා. ඔය මොනා කිව්වත් මේ වෙන කොට පියුමිගේ පුතා කළේ වැරැද්දක් කියලා අධිකරණයෙන් තීන්දු කරලා කරපු වැරැද්දට දඬුවම් නියෝග කරලා ඉවරයි.

අපි පිළිගත්තත් නැතත් හොඳට හරි නරකට හරි ප්‍රසිද්ධ චරිතයක් වුණොත් හච්චිමක් ගියත් ඒක වයරල් යනවා. ඒකට හේතුව ඉතින් ආ‍යේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

අපි දැන් ඉන්නේ නවීන තාක්ෂණේ සුළඟිල්ලෙන් හසුරුවන්න පුළුවන් යුගයක.

මගේ පුතා කිසි කෙනෙක්ට ගහන්නෑ කියමින් පියුමි බුකිය කලඹමින් සිදුවීමේ වීඩියෝ දර්ශන එළියට දායි

මගේ පුතා කිසි කෙනෙක්ට ගහන්නෑ කියමින් පියුමි බුකිය කලඹමින් සිදුවීමේ වීඩියෝ දර්ශන එළියට දායි

කොහොම වුණත් ඒ තාක්ෂණයේ කොටසක් විදිහට සමාජ මාධ්‍ය කියන්නේ අද වෙන කොට මනුස්සයෙක්ගේ ජීවිතේ තත්ත්පරේකින් වුණත් වෙනස් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් කියලා කවුරු කවුරුත් මතක තියා ගන්න තරමට අපේ අතින් අපේ ක්‍රියාවකින් තව කෙනෙක්ට වෙන බලපෑම අවම කර ගන්න පුළුවන්.

ඒ නිසා කනින් අහන්න, ඇස්වලින් දකින්න, ඒ හැමදේටම වඩා හොඳට හිතන්න.

මොකද අපි හැමදේම ඉක්මනට විනිශ්චය කරනවා.එහෙම නොවී කවුරු කරත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න.වැරැද්දට දඬුවම් දෙන්න නීතියට ඉඩ දෙන්න. සත්‍ය නොදැන විනිශ්චය කරනවට වඩා ඒක ගෞරවනීයයි.

සිද්ධියට සම්බන්ධ බව කියන වීඩියෝව පහතින්,

embedcodesgenerator.com