මෙරටින් බිහි වූ තවත් ශ්‍රේෂ්ඨතමයෙක් දිවි ගමනින් සමු ගනියි

Report

මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨතම මලල ක්‍රීඩකයෙකු වූ කෝසල සහබන්දු අද (14) දින අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඔහු මිය යන විට 76 වියේ පසු වූ අතර ඔහු කලක් රෝගාතුරව සිටි බව ඥාතීන් පැවසුවා.

ඔහු 1974 දී ටෙහෙරානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 4X400 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේදී සහ 1982 දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

එමෙන්ම 1974 දී මීටර් 800 ඉසව්වෙන් ජාතික වාර්තාව පිහිටවූ ඔහු 1979 දී ටෝකියෝ හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

මේ අතර ඔහුගේ දේහය හෙට (15) දින පස්වරු 3.00 සිට බොරලැස්ගමුවේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන බව සඳහන්.

එමෙන්ම අවසන් කටයුතු සඳුදා සිදුකිරීමට නියමිතව ඇත.

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක් - දැනටමත් පොලීසියේ 100ක් අත්අඩංගුවට

පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක් - දැනටමත් පොලීසියේ 100ක් අත්අඩංගුවට