ත්‍රිරෝද රථ රියැදුරාට කිරි පැකැට්ටුවක් දී සිහිය විකල් කර පවුලක්ම එකතුවෙලා කරපු අමානුෂික වැඩේ

Report

ත්‍රිරෝද රථ රියදුරෙකුට කොළඹ වටේ කුලී ගමනක් යමින් කිරි පැකට්ටුවක් බීමට ලබාදී ඔහුව සිහිසුන් කර, රුපියල් එකොළොස් ලක්ෂ විසි පන්දහසක් වටිනා මුදල් සහ රන් ආභරණ කොල්ල කෑ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිද්ධියට අදාළව ත්‍රිරෝද රථ රියදුරා දින දෙකකට පසු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

පැමිණිල්ල අනුව සොරාගෙන ගොස් තිබූ දේපළ අතර පවුම් 04 ක රන්මාලයක්, පවුම් එකහමාරක රන් මුදුවක්, රිදී මුදුවක් සහ රුපියල් 10,200ක මුදලක් ඇතුළත් වේ.

පොලිසිය පවසන්නේ සැකකරුවන් කොළඹ ආමර් වීදිය ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයට ගොඩවී, කොළඹ කොටුව බස් ඇවතුම්පොළ වෙත කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා ඇති බවයි.

එම ගමන අතරතුර එක් පුද්ගලයෙකු කොටුව ප්‍රදේශයේදී බැස ගොස් ඇති අතර, අනෙක් සැකකරු තම බිරිඳ හා දරුවන් ගාලු මෝදර ප්‍රදේශයේ සිටින බවත්, ඔවුන් රැගෙන ඒමට යා යුතු බවත් රියදුරාට සඳහන් කර තිබේ.

ඒ අනුව ගාලු මෝදරට ගොස් බිරිඳ හා දරුවන් කැටුව ආපසු එමින් සිටියදී, ආහාර ලබා ගැනීම සඳහා වැල්ලවත්තට යා යුතු බව සැකකරු පවසා ඇති අතර රියදුරා එම ඉල්ලීමට අනුව ත්‍රිරෝද රථය වැල්ලවත්ත බලා ධාවනය කර ඇත.

එහිදී සැකකරු විසින් රියදුරාට කඩන ලද කිරි පැකට්ටුවක් ලබාදී ඇති අතර, එය පානය කිරීමෙන් පසු ගල්කිස්ස මුහුදු වෙරළට යා යුතු බවත් ඔහු පවසා ඇත.

ගල්කිස්ස මුහුදු වෙරළට පැමිණ මඳ වේලාවකින් පසු, ළමයින් නොමැතිව සැකකරු සහ කාන්තාව ආහාර ලබා ගැනීමට යා යුතු බව පවසා, ගල්කිස්ස ටෙම්පල් පාරේ මීටර් 200ක් පමණ ගිය අවස්ථාවේදී ත්‍රිරෝද රථය නවතන ලෙස දන්වා ඇත.

අද මේ ප්‍රදේශවලට මීදුම සමග ගිගුරුම් සහිත වැසි

අද මේ ප්‍රදේශවලට මීදුම සමග ගිගුරුම් සහිත වැසි

එම අවස්ථාවේදී තමන් සිහිසුන්ව ගිය බවත්, නැවත පියවි සිහිය ලබද්දී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව දැනගත් බවත් රියදුරා තම ප්‍රකාශයේ සඳහන් කර ඇත.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කැලණිය, දියගම පාර, පට්ටිය හන්දිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද හෙට්ටිආරච්චිගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්ප දාදු ඇතුළු කණ්ඩායමක් මෙම කොල්ලය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

හරියටම තිතටම තීරණේ ගත්තොත් ජීවිතේම ගොඩ යන අද වාසි පිට වාසි ගෙනෙන ලග්න පලාපල

හරියටම තිතටම තීරණේ ගත්තොත් ජීවිතේම ගොඩ යන අද වාසි පිට වාසි ගෙනෙන ලග්න පලාපල