ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුර (VIDEO)

By Sithumi Dec 12, 2021 09:53 AM GMT
Sithumi

Sithumi

Report

දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) උදෑසන අනතුරක් සිදුවී තිබුණි. ඒ වවුනියාව, තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදීය. අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා තිබේ. දුම්රියේ ගැටුණු ත්‍රීරෝද රථය කෙටි දුරක් ඇඳී ගොස් ඇත.

පොලීසිය පැවසූවේ දුම්රිය සංඥා සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ ත්‍රීරෝද රථයේ රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා රථය ධාවනය කරවීමේදී අනතුර සිදුවී ඇති බවය.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රීරෝද රථය ගැටී තිබුණි. දුම්රියේ වේගය අඩුකොට ධාවනයවීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකීගොස් තිබුණි. ප්‍රදේශවාසීන් පැවසූවේ තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ ගැටලුවක් පවතින අතර දුම්රිය නොපැමිණෙන අවස්ථාවලදී ද දුම්රිය සංඥා පද්ධතියේ රතු එළිය දැල්වෙන බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now