පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ වත්තේ නිධන් හෑරු 3කට වෙච්ච දේ.

Sri Lanka Police Sri Lanka
By Wayomi Apr 27, 2023 04:41 AM GMT
Wayomi

Wayomi

Report

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම්ගේ ඉඩමේ නිධන් හෑරූ සිවිල් ආරක්ෂක බළකායේ භටයකු ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

ඔවුන් එලෙස නිධන් හාරා ඇත්තේ, සහරාන් හසීම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට සහ පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සඟවා තබා ගැනීමට යොදා ගත් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේයි.

එලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සිවිල් ආරක්ෂක බළකායේ වනාතවිල්ලුව අනුඛණ්ඩය රාජකාරි කරන භටයකු ,පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ පුත්තලම දෙකේ කනුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම වත්තේ නිධන් හෑරීමට සම්බන්ධ වූ බවට සැලකෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරුන් දෙදෙනකු පසුගිය 19 වැනිදා සැකපිට අත්අඩංගුවට ගැනුණා.

පසුව ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස පස් වැනි දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW