පන්විලේ රන් ආභරණ කඩයක් කොල්ලකෑමට සූදානම් වූ කල්ලියක් පොලිස් දැලේ

Report

පන්විල පොලිස් වසමේ හුළුඟඟ ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලක් කොල්ලකෑමේ අරමුණින් ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි මංකොල්ල කල්ලියක සැකකරුවන් තිදෙනෙකු පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත පන්විල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී හමුවූ භාණ්ඩ අතර මත්ද්‍රව්‍ය, කළු මුහුණු ආවරණ, ප්ලාස්ටික් අත් මංචු, මිටි, අඬු, සෙල්ලම් පිස්තෝල සහ මැගසින් තිබී ඇත.

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

සැකකරුවන් රක්වාන, දික්ඔය සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස අවුරුදු 45 සහ 50 අතරය. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් දිවයිනේ විවිධ අපරාධවලට සම්බන්ධ බවත්, ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් සහ වරෙන්තුද නිකුත් වී ඇති බවත්ය.

සැකකරුවන් පන්විල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතී. මෙම අත්අඩංගුවීම ප්‍රදේශයේ ජනතාවට සහනයක් ගෙන දුන් බව වාර්තා වේ.

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක් - කොටුව පොලිසිය විමර්ශන ඇරඹේ

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක් - කොටුව පොලිසිය විමර්ශන ඇරඹේ