මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක් - කොටුව පොලිසිය විමර්ශන ඇරඹේ

Report

මුහුණු පොතේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාගේ අභිමානයට හානි කළ ආකාරයේ අපහාසාත්මක පළ කිරීමක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.

හාලි ඇල පදිංචි නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියෙකු විසින් පෙර මස 20 වැනි දින ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

ට්‍රම්ප් පරිපාලනය ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී ඇතුළු තානාපතිවරුන් 30ක් යළි කැඳවයි…

ට්‍රම්ප් පරිපාලනය ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී ඇතුළු තානාපතිවරුන් 30ක් යළි කැඳවයි…

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, වැලිසර නාවික කඳවුරේ සේවය කර බෝයගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි ලුතිනන් කොමාන්ඩර් (සංඥා) නිලධාරියෙකු තම පුද්ගලික මුහුණු පොත ගිණුම ඔස්සේ මෙම අපහාසාත්මක පළ කිරීම සිදු කර ඇති බවයි. ඔහු එම දිනයේම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බවද වාර්තා වේ.

මෙම අපහාසාත්මක පළ කිරීමට හේතුවක් තවමත් හෙළි වී නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.

කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන සිදු කෙරෙමින් පවතී.

මාලිමා මන්ත්‍රී සම්බන්ධ පහරදීමේ සිද්ධිය - අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ට ඇප

මාලිමා මන්ත්‍රී සම්බන්ධ පහරදීමේ සිද්ධිය - අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ට ඇප

''කොදු නාරටිය හයිය මගේම පාසලේ සහෝදරියක්! ආඩම්බරයි නංගී ''සිරිමාවෝ තවත් ප්‍රසිද්ධ ආදී ශිෂ්‍යාවක් කට අරී

''කොදු නාරටිය හයිය මගේම පාසලේ සහෝදරියක්! ආඩම්බරයි නංගී ''සිරිමාවෝ තවත් ප්‍රසිද්ධ ආදී ශිෂ්‍යාවක් කට අරී