නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද ( 22) ප.ව. 4.00ට නිකුත් කළ නවතම නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයට අනුව, පෙර නිකුත් කර තිබූ රතු නිවේදන ඉවත් කර ඇති අතර, නව මට්ටම්වල අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මිණිපෙ සහ මැදදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, ⁠හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 මට්ටමේ (අවදානයෙන් සිටින්න) නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.  

විනාස රැසක් කෙරූ "දිට්වා" සුළි කුණාටුව නැවත සිතියම්ගත කිරීමට සැරසේ

විනාස රැසක් කෙරූ "දිට්වා" සුළි කුණාටුව නැවත සිතියම්ගත කිරීමට සැරසේ

මීට අමතරව බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කය: - බදුල්ල - ⁠සොරණාතොට - ⁠හාලි ඇල - ⁠පස්සර - ⁠ලුණුගල - ⁠මීගහකිවුල - ⁠කන්දකැටිය  

මහනුවර දිස්ත්‍රික්කය: - ⁠ගඟවට කෝරළය - ⁠පාතහේවාහැට - ⁠අකුරණ - ⁠යටිනුවර - ⁠තුම්පනේ - ⁠හාරිස්පත්තුව - ⁠පූජාපිටිය - ⁠පස්බාගෙ කෝරළය - ⁠හතරලියද්ද - ⁠කුණ්ඩසාලේ - ⁠උඩුනුවර - ⁠දෙල්තොට - ⁠පාතදුම්බර - ⁠පන්විල⁠ - ⁠උඩපළාත - ⁠ගඟ ඉහළ කෝරලේ - දොළුව⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය: - ⁠රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය: - නාඋල - ⁠රත්තොට - ⁠අඹන්ගග කෝරළය - ⁠උකුවෙල - ⁠විල්ගමුව - ⁠යටවත්ත - ⁠මාතලේ - ⁠පල්ලෙපොල - ⁠ලග්ගල පල්ලේගම

නුවරඑළිය දිස්ත්‍රික්කය: - ⁠නුවරඑළිය

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න