පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, 2026 සිට ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ජාතික අධ්‍යාපන ආයතනය , අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බව අද (22) පැවැත්වූ විශේෂ හමුවකදී ප්‍රකාශ කළාය.

මෙම හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ (ඉසුරුපාය) පැවැත්වුණු අතර, එයට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් සහභාගී වූහ. පාසල් කාලය දීර්ඝ කිරීම නිසා ඇති විය හැකි ගැටලු (ගුරුවරුන්ගේ වැඩ බර, සිසුන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන ගැටලු ආදිය) වෘත්තීය සමිති මගින් අග්‍රාමාත්‍යවරිය හමුවේ ඉදිරිපත් කෙරිණි.

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළේ;

නව ප්‍රතිසංස්කරණ යටතේ පන්ති කාමරය තුළ සිදු කෙරෙන ඇගයීම් ක්‍රමවේදය වෙනස් වීම නිසා, ගුරුවරුන්ට ඇගයීම් කටයුතු සිදු කිරීමට සහ සිසුන්ට අධ්‍යයනය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි ලෙස සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කාලය ලබාදීම අත්‍යවශ්‍ය බවයි.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

එසේ වුවද, වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කළ යෝජනා සහ ගැටලු පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය සහතික කළාය.

මෙම සාකච්ඡාවේදී මෑතකදී සිදු වූ ස්වාභාවික ආපදාවලින් (දිට්වා සුළි කුණාටුව ආදිය) විපතට පත් පාසල් යළි ගොඩනැඟීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. තවමත් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයේ පවතින පාසල් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

අනුෂම් තාරකාවෙන් උපන් අයට අද අපේක්ෂිත ශුභාරංචි සහ අනපේක්ෂිත ලාභ රැසක්

අනුෂම් තාරකාවෙන් උපන් අයට අද අපේක්ෂිත ශුභාරංචි සහ අනපේක්ෂිත ලාභ රැසක්

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු

රන් මිල 60%න් වැඩි වෙයි - රත්තරන් දිහා ආයේ බලනවා බොරු