තවත් බිහිසුණු අනතුරක් - පුද්ගලයන් තිදෙනෙක්ට බරපතළයි
බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ තුවාලකරුවන් අතර පිරිමි අයෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු සිටින වන බවයි.
එසේම තුවලකරුවන් තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද වාර්තා වුණා. මෙම අනතුර ඊයේ (18) දින සවස සිදුව තිබෙනවා.
ඒ අනුව වැඩිදුරටත් වාර්තා වූයේ අපරීක්ෂාකාරී ලෙස බීමත් අයෙකු විසින් පැදවූ කැබ් රථයක් පදික වේදිකාවේ සිටි තිදෙනකු යටකර අසල නවතා තිබූ යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් අනතුරුව විදුලි පහන් කණුවකද ගැටී ඇති බවයි.
මේ අතර මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා විභාග දෙපාර්තමේන්තුවේ විභාග රාජකාරිවලට පැමිණි දෙදෙනෙක් බව සඳහන්.
කෙසේ වෙතත් අනතුර සිදුකළ සැකකාර රියදුරු තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.