මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය
ඉදිරි වර්ෂයේදීද වාහන ආනයන ලිහිල් කිරීමේ සිය ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරමින්, එමගින් ආදායම් ඉහළ නැංවීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කරන බවට ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇති බව සඳහන්.
ඒ අනුව මේ වන විට සකස් කරමින් පවතින එළඹෙන වසරේ අයවැය තුළදී වසර පහක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර දීමට ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමට බලාපොරොත්තු නොවන බව ද පවසයි.
එළඹෙන වසරේදී රුපියල් බිලියන 550 ක ආදායමක් වාහන ආනයනයෙන් බලාපොරොත්තු වන අතර, මෙම වසරේදී එම ආදායම රුපියල් බිලියන 650 ක් පමණ වනු ඇති බවට ගණන් බලා ඇත.
එසේම ඉකුත් පෙබරවාරි මාසයේදී වාහන ආනයනයට පනවා තිබූ තහනම ලිහිල් කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 450 කට අධික බදු ආදායමක් වාහන ආනයනවලින් ලැබී තිබෙනවා.
නිලධාරීන් පවසන්නේ ලබන වසරේ අයවැය සකස් කිරීම අවසන් අදියරට ළඟා වෙමින් ඇති හෙයින් වත්මන් බදු සංශෝධනය කිරීමේ සම්භාවිතාව අඩු බවයි.
එමෙන්ම අපනයන-නැඹුරු ආර්ථිකයක් කරා අවධානය යොමු කර තිබෙන නිසා මෙම අයවැයෙන් අපනයනකරුවන් සඳහා දිරිගැන්වීම් ද පිරිනැමීමට බලාපොරොත්තු වේ.
තවද මේ වසරේ රුපියල් බිලියන 229 ක් වූ ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන සඳහා වන ප්‍රතිපාදන එළඹෙන වසරේදී රුපියල් බිලියන 240 ක් දක්වා වැඩි කිරීමට නියමිත බව සඳහන්.
ඊට අමතරව, ධීවර, කෘෂිකාර්මික හා තේ යන ක්ෂේත්‍ර සඳහා ද අයවැයෙන් දිරිගැන්වීම් ලැබීමට බලාපොරොත්තු වේ.
මේ අතර මේ වසරේ සිට අදියර ලෙස ක්‍රියාත්මක වන ලබන වසරේ වැටුප් සංශෝධනයට රජයට අමතර වශයෙන් රුපියල් බිලියන 100 ක පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ද ගණන් බලා ඇත.
කෙසේ වෙතත් මෙවර අයවැය සකස් කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අනුකූලව බව සඳහන්.