ඉදිරි පැය 24 තීරණාත්මකයි - විශේෂ අනතුරු ඇඟවීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නවතම විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට අධික වර්ෂාව පිළිබඳ අවදානමක් පවතින බවටයි.

ඒ අනුව අද දින නිකුත් කළ මෙම නිවේදනයෙන් ඉදිරි පැය 24 ක කාලය තුළදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දක්වා ඇත.

එම දෙපාර්තමේන්තුවෙන් අවධාරණය කර ඇත්තේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

තත්ත්වය නරකයි - අද 1න් පස්සේ එලියට යන්න එපා ගෙදර ඉද්දීත් පරිස්සම් වෙන්න

එසේම මෙම කාලසීමාවේදී තද වැසි, තද සුළං සහ අකුණු ඇතිවීම නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි‍යි.

එමෙන්ම පහත් බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳවද විමසිල්ලෙන් සිටිය යුතු බව දැනුම් දී තිබෙනවා.

මේ අතර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අවදානම් සිතියම අනුව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල කොටස් ඇතුළුව රටේ දකුණු අර්ධයේ ප්‍රදේශ රැසක් අධික අවදානම (රතු) යටතේ සලකුණු කර තිබෙනවා.

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

තවද මධ්‍යම සහ ඌව පළාත්වල බොහෝ ප්‍රදේශ ඇතුළුව තවත් කලාප රැසක් මධ්‍යස්ථ අවදානම (තැඹිලි) යටතේ සලකුණු කර ඇත.

මේ අනුව අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ආපදා කළමනාකරණ අංශවල උපදෙස් පිළිපදිමින් කල්පනාකාරීව කටයුතු කරන ලෙස බලධාරීහු වැඩිදුරටත් දැනුම් දෙයි.

අධික වර්ෂාව රටම කලඹයි - ජලාශ කිහිපයකම වාන් දොරටු ඇරේ

අධික වර්ෂාව රටම කලඹයි - ජලාශ කිහිපයකම වාන් දොරටු ඇරේ