ආයේ කඳුකරයේ අනතුරු වෙන් නෑ - මාර්ග සංවර්ධන අධිකාරියෙන් ක්‍රියාමාර්ගයක්
මාර්ග සංවර්ධන අධිකාරියෙන් කදුකර දිස්ත්‍රික්ක තුනක අවදානම් සහ බැවුම් ස්ථාන ආශ්‍රිතව ආරක්ෂිත යකඩ වැටවල් සකස් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ ඉකුත් කාලය තුළදී සිදු වූ අනතුරු සැලකිල්ලට ගනිමින් බව සඳහන්.
ඒ අනුව එහි මාර්ග ආරක්ෂාව සහ රථවහන කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ චන්ද්‍රකුමාර මහතා පැවසූ ආකාරයට මුල් අදියරයේදි ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල එම යකඩ වැටවල් ඉදිකිරිමට නියමිතයි.
මෙහිදී වැඩිදුරටත් සඳහන් වුණේ අවදානම් ස්ථාන සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක තුන ආවරණය කරමින් කිලෝ මීටර් 50 ක් දක්වා එම යකඩ වැට ඉදි කෙරෙන බවයි.
කෙසේ වෙතත් මෙම ආරක්ෂිත වැටවල් ඉදිකර හෝ අවදානම් සහ බැවුම් ස්ථානවල සිදු වීමට යන අනතුරු වළක්වා ගැනීම අගය කළ යුතු ක්‍රියාවකි.