බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිකළ අවන්හලක් වටලයි
නීත්‍යානුකූල සුරාබදු බලපත්‍රයක් නොමැතිව රහසිගතව මත්පැන් අලෙවි කරමින් තිබූ කටුනායක ප්‍රදේශයේ පිහිටි තරු පන්තියේ සුඛෝපභෝගී අවන්හලක් වටලා, එහි තිබූ විදේශීය සහ දේශීය මත්පැන් බෝතල් 90 ක තොගයක් සමඟ එම අවන්හලේ කළමනාකරුවාව අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමත්ව තිබේ.
කටුනායක මීගහවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම ප්‍රසිද්ධ අවන්හල තුළ කලක පටන් කිසිදු බලපත්‍රයක් නොමැතිව මත්පැන් ජාවාරම සිදුවන බවට වලාන ඒකකය වෙත ලද රහසිගත තොරතුරකට අනුව අද (30) දින මෙම විශේෂ වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී ද කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව පාරිභෝගිකයන්ට මත්පැන් අලෙවි කරමින් සිටි බවත්, එහිදී සොයාගත් මත්පැන් බෝතල් 90 ක ප්‍රමාණය වහාම පොලිස් භාරයට ගත් බවත් වැටලීමට ගිය උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
වලාන දූෂණ මර්දන බලකාය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර කළමනාකරු සහ සොයාගත් මත්පැන් තොගය ඉදිරි දැඩි නීතිමය ක්‍රියාමාර්ග සහ අධිකරණ කටයුතු සඳහා ප්‍රදේශය භාර කටුනායක පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.