නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති
By Shehan
අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක් පත් කර තිබෙනවා.
ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්නා.
ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ. ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.