ඉන්දුනීසියාවේ රසකැවිලි කර්මාන්ත ශාලාවේ ගින්නක් - 36 දෙනෙකුට තුවාල

Report

ඉන්දුනීසියාවේ බැන්ටන් පළාතේ පිහිටි රසකැවිලි කර්මාන්ත ශාලාවක හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 36 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජකර්තා අගනුවරට මායිම්ව පිහිටි 'ෆොනුසා අගුන් මුලියා' නමැති තෙමහල් කර්මාන්ත ශාලාවේ මෙම ගින්න හටගෙන ඇති අතර, ඉන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. සේරන්ග් දිස්ත්‍රික්කයේ සහ බැන්ටන් පළාතේ ගිනි නිවන භටයින් පැය 12කට අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ සේවකයන් 300 දෙනෙකු පමණ කර්මාන්ත ශාලාව තුළ සේවය කරමින් සිට ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.

කර්මාන්ත ශාලාවේ ඉහළ මහල්වල කොටුවී සිටි පිරිස් මුදා ගැනීමට ඉන්දුනීසියානු රතු කුරුස සංවිධානයේ නිලධාරීන්ගේ ද සහාය හිමි විය. '

මිල්කිටා' (Milkita) නමැති කිරි ආශ්‍රිත රසකැවිලි නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කරයි.

ගොඩනැගිලි නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් සිදුවන විදුලි කාන්දුවීම් නිසා ඉන්දුනීසියාවේ මෙවැනි ගිනි ගැනීම් බහුලව වාර්තා වන අතර, පසුගිය දෙසැම්බරයේ ජකර්තාහි කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 22 දෙනෙකු ද, 2023 වසරේ නිකල් සැකසුම් කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් 13 දෙනෙකු ද ජීවිතක්ෂයට පත් විය.

ඉහමොළ රත්වෙන මිරිස් මිල මෙන්න - රත්තරන් වගේ මිරිස් ගණන් යන්න රතු එළියක්

ඉහමොළ රත්වෙන මිරිස් මිල මෙන්න - රත්තරන් වගේ මිරිස් ගණන් යන්න රතු එළියක්

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පහක් ඉටු නොකළොත් ඉදිරියේදී සිදුවන දේ GMOA කියයි - ජනපතිටත් අනතුරු ඇඟවීමක්

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පහක් ඉටු නොකළොත් ඉදිරියේදී සිදුවන දේ GMOA කියයි - ජනපතිටත් අනතුරු ඇඟවීමක්