සිරමැදිරිය අස්සෙ සූදු කෙළින්න ගිය සැකකරුවන් නිසා.. OIC ඇතුළුව 3ක් අත්අඩංගුවට පත් වෙද්දී.. අධිකරණය දුන් නියෝගය මෙන්න..(UPDATE)

Report
UPDATE;

පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්‍රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ බවට අනුරාධපුර, ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුව අත්අඩංගුවට ගැණින.

ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විඩියෝවක් සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි වේ.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

රටම කතා වුණ.. සුජීව සේනසිංහ සතු V8 සැප රියට මොකද වුණේ?. නියෝගයක් එක්ක.. අද හවස වුණ දෙය මෙන්න..

රටම කතා වුණ.. සුජීව සේනසිංහ සතු V8 සැප රියට මොකද වුණේ?. නියෝගයක් එක්ක.. අද හවස වුණ දෙය මෙන්න..

අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අනුරාධපුර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් දෙදෙනා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහැරීමට අධිකරණය නියෝග කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එවලෙ පියුමි හංසමාලි ගෙදර ඉදලා නෑ.. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට මොකද වෙන්නේ?. අද ලැබුණ හදිසි නියෝගය මෙන්න..

එවලෙ පියුමි හංසමාලි ගෙදර ඉදලා නෑ.. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට මොකද වෙන්නේ?. අද ලැබුණ හදිසි නියෝගය මෙන්න..

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"පසුගිය 07 වෙනි මාසයේ 18 වනදා ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ඇවිල්ලා තිබුණා ඒ අවට ප්‍රදේශයක අවමංගල්‍ය නිවසකට පැමිණිලා ඉන්න පුද්ගලයෝ පිරිසක් නීනිවිරෝධී ලෙස මුදලට සූදූ ක්‍රීඩාව කරනවා කියලා. පසුව ඒ ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් කිහිපදෙනකු සමග එම ස්ථානයට ගිහිල්ල තියෙනවා. මේ අය මළගෙර සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා ඉඳපු නිසා මේ පිරිසව... 12 දෙනෙකුට ආසන්න පිරිසක් ඉඳලා තියෙනවා. ස්ථානාධිපති ගියපු වාහනේ මේ පිරිස රැගෙන එන්න බැරි නිසා. ස්ථාධිපති දැනුම්දීලා තියෙනවා පොලීසියට එන්න කියලා. ඔවුන් පොලිස් ස්ථානවට ආවට පස්සේ මේ සියලුදෙනාව සිර මැදිරියට දාලා තියෙනවා. ඉන්පසුව බීමත්ව සිටි මේ පිරිස සිරමැදිරිය තුළ යම් ආකාරයකට මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා."

----------------------------------------------

සිරමැදිරිය අස්සෙ සූදු කෙළින්න ඉඩ දීලා.. OIC ඇතුළුව 3ක් වහාම අත්අඩංගුවට.. වෙලා තියෙන දෙය මෙන්න..

අනුරාධපුර - ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සිර මැදිරිය තුළ දී සැකකරුවන් පිරිසකට සූදු කෙළීමට අවස්ථාවක් ලබා දුන්නා යැයි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.

නොවැම්බර් 11 සුබ දවසෙම.. ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. වුණ දෙය මෙන්න..(PHOTO)

නොවැම්බර් 11 සුබ දවසෙම.. ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. වුණ දෙය මෙන්න..(PHOTO)

කෙසේ වෙතත්, සැකකරුවන් පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රිඩාවේ නිරත වන අයුරු කිසියම් පුද්ගලයෙකු වීඩියෝගත කර එය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

කඳුළු ගැන නාමල් කට අරී.. පොහොට්ටුවේ වුණ අලුත් වෙනස මොකක්ද දන්නව ද?. හැමෝම බලා හිටිය.. ඒ දෙය මෙන්න..

කඳුළු ගැන නාමල් කට අරී.. පොහොට්ටුවේ වුණ අලුත් වෙනස මොකක්ද දන්නව ද?. හැමෝම බලා හිටිය.. ඒ දෙය මෙන්න..