විනිසුරුවරයෙකුටම මෙහෙම දෙයක් නම්..අපිට මොනවා නොවෙයිද.? වහාම ආරක්ෂාවත් තරකරයි..!

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Oct 03, 2024 01:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ,'..කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සහ පවුලේ අය මරා දමමු..' යනුවෙන් මුහුණු පොතේ පළවූ පෝස්ටුවක් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කර තිබේ.

මින් පෙරද අවස්ථා ගණනාවකදී ,පාතාලයේ ප්‍රබලයන් දෙදෙනෙකු වන හොකි කටා සහ කුඩු සළිදු සම්බන්ධයෙන් ලබා දුන් නියෝග සම්බන්ධයෙන් විවේඡනය කරමින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මරණ බව කියමින් තර්ජනාත්මක ලිපි යොමු කර තිබූ අතර ඊට අදාළ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයාගේ ආරක්ෂාව කර කර තිබුණ.

මෝඩාභිමානය , නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධාගමට අපහාස වන අයුරින් අදහස් දැක්වමිනි වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරි බව කියන නතාෂා එදිරිසූරියට එරෙහිව අසත්‍ය චෝදනා යටතේ නඩු පැවරීම හේතුවෙන් මෙම පෝස්ටුව පළකර ඇති අතර මහේස්ත්‍රාත් වරයා සහ ඔහුගේ පවුලේ අය මරා දැමීමට මෙම පුද්ගලයා ඉන් යෝජනා කර ඇත.