TIN අංකය ගැන ඇහෙන අලුත්ම ආරංචිය
By Hashini
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වයස අවුරුදු 18 වැඩි මෙරට ජනගහනයෙන් මිලියන 10ක් පමණ මේ වන විට බදුගෙවන්නන් හදුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා ගෙන ඇති බවයි.
අද කොළඹ දී කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත එක්වෙමින් මේ බව කියා සිටියා.