මාතර බන්ධාගාරයේ රැඳවියන් අඟුණුකොළපැලැස්සට

By Hashini Apr 23, 2025 06:35 AM GMT
Report

 මාතර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු රැඳවියන් 200කු පමණ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.

ඊට කාන්තා රැඳවියන් 26 දෙනෙකු ඇතුළත්.

වතුර බෝතලෙටත් පාලන මිලක්....ක්‍රියාත්මක වන්නේ මැයි මාසේ ඉදලා

වතුර බෝතලෙටත් පාලන මිලක්....ක්‍රියාත්මක වන්නේ මැයි මාසේ ඉදලා

මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 506 දෙනෙකු සිටින අතර අද දිනයේ තවත් පිරිසක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ රාත්‍රියේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීමට විරෝධය පළ කරමින් රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

බන්ධනාගාර නිලධාරින් එය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට පියවර ගෙන ඇත අතර පසුව බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබෙනවා.

අද අලුයම තත්ත්වය පාලනය කිරීමට කඳුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා.

මාතර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරයි

මාතර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරයි