කදුළු සඟවාගෙන යුක්තියන් සොයන මව.... වැලිකඩ පොලිසියට දඬුවම් ලැබෙයි ද?

By Hashini Apr 23, 2025 09:50 AM GMT
Report

වැලිකඩ පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු මිය ගිය නිමේෂ් සත්සර නම් තරුණයාගේ දේහය ගොඩ ගැනීම අද සිදු කෙරුණා.

ඒ නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහායි.

මෘත දේහය ගොඩ ගැනීමට තීරණය කර තිබෙන්නේ තම පුතාගේ මරණය සැක සහිත බව පවසමින් මියගිය අයගේ මව විසින් ඉදිරිපත් කර තිබු ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

නව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙනවා.

මාතර බන්ධාගාරයේ රැඳවියන් අඟුණුකොළපැලැස්සට

මාතර බන්ධාගාරයේ රැඳවියන් අඟුණුකොළපැලැස්සට

එම කමිටුවට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න , විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පී.ආර්.රුවන්පුර , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය මුදිත විදානපතිරණ යන ය ඇතුලත් වනවා.

මිය ගිය සත්සරගේ මව පවසන්නේ තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් යුක්තිය ඉටුවේයැයි බලාපොරොත්තු වන බවයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන් ජනාධිපතිගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පුතා මියගොස් අවසන් බැවින් , තමන් එය දරා ගන්නා අතර මෙවන් යලි සිදුවීම් සිදුවීමට ඉඩ නොතබන ලෙසයි.

නිමේෂ් සත්සර යනු අති දක්ෂ නැට්ටුවෙක් බවත් ඔහුගේ මව පවසනවා.

2025 අප්‍රේල් 02 වන දින අලුයම වැලිකඩ පොලිසියේ භාරයේ සිටියදී තරුණයාට මාරාන්තික තුවාල සිදු වී ඇති බව වාර්තා වුණා.

පසුව ඔහු අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට ඇතුළත් කරන ලද අතර එහිදී ඔහු මිය ගොස් තිබුණා. 

අල්ලස් කොමිසම සිද්ධි 300කට විමර්ශන අරඹයි

අල්ලස් කොමිසම සිද්ධි 300කට විමර්ශන අරඹයි