උඩරට දුම්රිය ගමනාගමනයට බාධා, මේ කෝච්චි ප්‍රමාදයි
අද (25) උදෑසනදී උඩරට දුම්රිය මාර්ගයේ අබේවෙල පැරකුම් පුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇති බව දුම්රිය පාලන මැදිරිය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව පවතින අධික සුළං තත්ත්වයත් සමග මෙසේ දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි විශාල ගසක් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අබේවෙල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවයි.
එසේ වුවද දුම්රිය පාලන මැදිරිය සඳහන් කළේ බදුල්ල සිට කොළඹ කොටුව සහ මහනුවර බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කළ බවත් , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් ද නියමිත වේලාවට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ බවත් ය.
එමෙන්ම අද (25) දින අලුයම 5.50 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රියේ එන්ජිමක හටගත් හදිසි කාර්මික දෝශයක් හේතුවෙන් එම දුම්රිය හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයට පැමිණ නැවත බදුල්ල බලා ධාවනය කර එම එංජිම පිළිසකර කිරිමෙන් පසුව ප්‍රමාද වී යළි බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
