මත්පැන් මිලෙහි වෙනසක් නැහැ...
සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ මෙවර අයවැයෙන් මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට යෝජනා කළද ඒ හරහා මත්පැන් මිල ඉහළ දැමීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි.
මත්පැන්හල් විවෘත කර තැබීමේ කාලසීමාව කාලානුරුපිව සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මේ අතර ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ චෝදනා කරන්නේ අයවැයෙන් තම ජනතාව පිලිබඳ සිතා නොමැති බවයි.
දඹාන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසි නායකතුමා මේ බව පවසා තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ රටේ ආර්ථිකය යළි කඩා වැටීම පිලිබඳ අවදානමක් ඇති නොවන බවයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.