පශු වෛද්‍ය සංගමයට සත්වෝද්‍යානයෙන් පිළිතුරක්

covid19 director dehivala zoo veterinary association Ishini Wickramasinghe
By Sewvandhi Jun 26, 2021 06:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් අසාදිත බවට පත්වූ සිංහයන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් වූ කරුණු පිළිබඳව මේ වන විට යම් මත බෙදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කිසිදු පශු වෛද්‍යවරයෙකුගේ අනුදැනුමකින් හා සහයකින් තොරව සත්වෝද්‍යාන පාලන අධිකාරිය පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් නොතකා අත්තනෝමතිකව ක්‍රියා කරනු ලබන බවට ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ නිවේදනයක් නිකුත් කළා.

එසේ සිදු කළ අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දකින බවත්, සතුන්ගේ සුභ සාධනය පිළිබඳව නොතකා පටු අරමුණු සාක්ෂාත්කර ගැනීමට මෙම සංගමය කටයුතු කිරීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බවත් දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිණි වික්‍රමසිංහ ගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha