සැමියාගේ බෑග් එකෙන් හමුවූ අමුතු දේ ගැන කියන්න බිරිඳක් පොලිසියට ඇවිත් - අවසානයේ පොලිසිය හොයාගත්ත දේ මෙන්න
By Sithumi
ස්වංක්‍රීය ගිනි අවිවලට යොදන ජිව උණ්ඩ 8ක් සමඟ පුද්ගලයෙකු ඔහුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය සඳහන් කළා. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, මොහොමඩ් නම අවුරුදු 33ක් වයස අයෙක්.
රාගම පොලිස් වසමට අයත් මත්තුමගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන ඇගේ සැමියාගේ බෑගයේ සැක කටයුතු පාර්සලයක් තිබෙන බවට රාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
මෙම පැමිණිල්ල මත ඇගේ නිවසට ගොස් අදාළ බෑගය පරීක්ෂා කිරීමේදී ස්වංක්‍රීය ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ අටක් ජංගම දුරකතනයක් සහ සිම්පතක් සහිත පාර්සලයක් සොයාගත් බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ. වත්තල මහබාගේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |