ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් එක්ක ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට එකවරම විශේෂ දැනුම්දීමක් - අවදානයෙන් පසුවෙන්න. (PHOTO)
Gampaha
Sri Lanka
Weather
By krishani
අද (01) දවස පුරා ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.
එබැවින් මෙම තත්ත්වය හේතු කොට ගෙන ගංවතුර තත්ත්වයක් අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශයන්හි සහ විශේෂයෙන්ම ගම්පහ නගරය ආශ්‍රිත ප්‍රදේශ, වත්තල හා ජාඇල ප්‍රා.ලේ බල ප්‍රදේශයන්හි පහත් බිම් සදහා ඇති වීමේ හැකියාවක් පවතින බැවින් ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මුදවා ගැනීමේ කණ්ඩායම් සූදානම්ව ඇති බව සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත්, අත්තනගලු ඔය දෙපස පහත් බිම් වල ජීවත්වන ප්‍රජාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍යතාවය අනුව පියවර ගන්නා බව එම නිවේදනයේ සඳහන් වේ.

