දරුවා සිරවුණු තාප්පය කඩා වැටුණු නිවසේ හිමිකරු ප්‍රියා සූරියසේන.. කොච්චර කිව්වත් ඇහුවේ නෑ ප්‍රින්සිපල් කියයි.. සම්පූර්ණ විස්තරය මෙන්න.

Sri Lanka Accident Weather Sri Lankan Schools
By Sithumi Oct 17, 2023 03:30 AM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දහවල් 12.50 පමන මහරගම විජේරාම ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පිටුපස නිවසේ තාප්පය කඩා වැටීමෙන් පාසලේ දරුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබුණා.

මේ සිද්ධිය පිළිබදව අප සිදු කල සොයාබැලීමකදි අනාවරණ වුණේ වසර 30වඩා පැරනි මෙම තාප්පය අවධානම් තත්වයේ තිබූ එකක් බවයි.

මෙම තාප්පය අවධානම් බව ග්‍රාම සේවක හරහා එම නිවැස් හිමියා කිහිප වතාවක් දැනුවත්කර තිබූ බව ද විදුහල්පති පවසනවා.

මෙම නිවසේ හිම්කරු වන්නේ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා බවයි අපට අනාවරණ වූයේ.

අදාල සිසුවා කළු බෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා. අඩි 13 ආසන්න උසක් ඇති මෙම තාප්පය නිසි ප්‍රමිතියකින් තොරව තනා ඇති බවයි වාර්තා වන්නේ.

එම නිසාම තාප්පය සැකසීමේදී අවම වශයෙන් කොන්ක්‍රිට් කනුවත් යොදාගෙන නැහැ. දින කිහිපය පුරාම තිබෙන වර්ශාව සමග තාප්පය පෙගී කඩාවැටී ඇති බව දෙමාපියන් පවසන්නේ.

තාප්පය අසල ඇති වැසිකිලියට එම දරුවා ගිය අවස්තාවේ තාප්පය කඩාවැටී තිබුණා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 4 වසරේ ඉගනුම ලබන නිම්ලක සනුජ පෙරේරා දරුවා වන අතර මේ වනවිට තුවාල ලැබු දරුවා කලුබෝවල රෝහලට ඇතුලත් කර ඇත.

මහරගම ප්‍රාදේශීය ලේකම්වරිය, ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් හා මිරිහාන පොලීසියේ නිලධාරීන් ස්ථානීය පරික්ශාවන් සිදුකරනු ලැබුවා.

ReeCha