සූදුවෙන් බංකොළොත් වී පාතාලයත් සමඟ කුඩු විකුණූ කෝටිපතියෝ දෙදෙනා.

Sri Lanka Police Businessman
By Wayomi Mar 03, 2024 11:58 AM GMT
Wayomi

Wayomi

Report

කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ දැනට ඩුබායි රටට පලාගොස් සිටින බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි හිටපු කෝටිපති කොන්ක්‍රීට් ව්‍යාපරිකයකු සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ කුලී නිවෙස පදිංචිව සිටි ජපානයේ සිට පැමිණ තිබූ කෝටිපති ව්‍යාපාරියෙක්.

ReeCha