සිම්බාබ්වයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ.
සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
එහි මූලික සංචිතය පසුගියදා නම් කළ අතර ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් විය.
එම සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම් කර නොමැත.
කෙසේ වෙතත් සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම්කර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්‍රකාශ කළේ.
මෙම සංචිතය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත අතර එහි නායකත්වය කුසල් මෙන්ඩිස් දරුණු ලබන අතර චරිත් අසලංක උප නායකයා ලෙස කටයුතු කරනු ඇති.
අනෙක් ක්‍රීඩකයින්,
* අවිශ්ක ප්‍රනාන්දු
* සදීර සමරවික්‍රම
* සහන් ආරච්චිගේ
* වනිඳු ප්‍රනාන්දු
* දසුන් ශානක
* ජනිත් ලියනගේ
* මහීෂ් තීක්ෂණ
* ඩිල්ශාන් මධුශංක
* දුෂ්මන්ත චමීර
* දුනිත් වෙල්ලාලගේ
* ප්‍රමෝද් මදුශාන්
* ජෙෆ්රි වැන්ඩර්සේ
* අකිල ධනංජය නම් කර තිබෙනවා.
එමෙන්ම මීට අමතරව එම සංචිතය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද නම්ක ර ඇති අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තරග සඳහා ක්‍රීඩා කිරීම තීරණය කරන බවයි තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ.
Sponsored By Sarrita Jewellery


