හෙට වෙනකම් විතරයි....හෙටින් පස්සේ බෑ...
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (03 වැනිදා) මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වන බවයි.
මේ අනුව, ඡන්ද විමසීමට පැය 48 කට පෙර එනම් හෙට (03 වැනිදා) මධ්‍යම රාත්‍රි 12 ට පෙර මැතිවරණයට තරග කරන සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වනදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන්.