වතුකරයේ කළු කොඩි එසවෙයි..
By Sewvandhi
වතු සේවකයින්ගේ දෛනික වැටුප වැඩි කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරිමට එරෙහිව හැටන් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණි.
එම උද්ඝෝෂණය දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා වතුකම්කරුවන් විශාල පිරිසක් සහභාගී වූ අතර ප්‍රදේශයේ වෙළඳසැල් හා රථවාහනවල කළු කොඩි ඔසවා තිබූ බව ද වාර්තා විය.
වතු කම්කරු වැටුප වැඩිකළ ගැසට් නිවේදනය අවලංගු කිරීම හරහා රජය වතුසේවක ප්‍රජාව මුලාවට ලක් කළ බවයි , උද්ඝෝෂණයට එක්වෙමින් අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා පැවසුවේ.