මේ පාර නම් ලේසි වෙන්නේ නෑ..පොල් බෑයක් ගන්නත් වෙනම රස්සාවක් කරන්න වෙයි...

Sri Lanka Government Of Sri Lanka Coconut price
By Piyumika Feb 09, 2025 02:34 AM GMT
Piyumika

Piyumika

Report

2024 ජනවාරි මාසයේ අවසන් සතියට සාපේක්ෂව මේ වසරේ (2025) ජනවාරි මාසයේ අග සතිය වනවිට දී පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ප​ර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.

නීතිඥ සංගමයෙන් හදිසියේම ජනපතිට ලියුමක්..

නීතිඥ සංගමයෙන් හදිසියේම ජනපතිට ලියුමක්..

ඒ අනුව, මේ දිනවල ලොකු පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කෙරෙන අතර, කුඩා පොල් ගෙඩියක් රුපියල් 170 ත් 190 ත් අතර මිලකට අලෙවි කෙරේ.

ඉකුත් වසරේ ජනවාරි මාසයේ අවසන් කාලපරිච්ඡේදය සමග සැසදීමේ දී ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 78 කින් සහ කුඩා පොල් ගෙඩියක මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි එම ආයතනය නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණයේ සඳහන් වේ.

පාස්පෝට් ගැටලුව මාස දෙකක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට..? පැය 24 පුරා පාස්පෝට් නිකුත්කිරීම ළගදීම ...

පාස්පෝට් ගැටලුව මාස දෙකක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට..? පැය 24 පුරා පාස්පෝට් නිකුත්කිරීම ළගදීම ...

එමෙන්ම ඉකුත් වසරේ ජනවාරි අග සතියට සාපේක්ෂව පොල් ගෙඩියක තොග මිලද සියයට 110 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද එම ආයතනය කියයි.

You may like this video

ReeCha