අද උදෑසනම ජනපති සිදු කළ විශේෂ දේ සහ හේතුව මෙන්න..?
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වන අඟහරුවාදා ඇරඹෙන මෙවර සමුළුවේ තේමාව “කොවිඩ් 19 - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.
22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත අතර සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිති.
මේ අතර,එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ඇති බව වර්තා වෙයි. ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ එම තීරණය සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක බවය.
මේ අතර එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් (17) පැවසුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් එම ලැයිස්තුවෙන් ඉවත්කරන බවය. අනෙක් රටවල් වන්නේ, තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව වේ.
එම තීරණය අනුව අදාළ රටවලින් සංචාරකයින්/පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවන අතර සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව PCR පරික්ෂාවකට ලක්වීම ද අනවශ්‍ය බව ලේකම්වරයා පැවසීය.
එරට රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් මෙන්ම ගුවන් ගමන් ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනද සිය ප්‍රසාදය පළ කළ බව විදෙස් මාධ්‍ය පැවසීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
