සාගරය දිගින් දිගටම අඳුරු වෙයි – විද්‍යාඥයෝ කියන අලුත්ම අනතුරු ඇඟවීම

Report

එක්සත් රාජධානියේ ප්ලයිමත් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව, "සාගරය අඳුරු වීම" (Ocean Darkening) ලෙස හඳුන්වන සිදුවීමක් ගෝලීය සාගරවලින් 21%ක පමණ ප්‍රමාණයක පැතිර ඇති බව හෙළි වී තිබේ.

රන් මිල කැපී පෙනෙන ලෙස වෙනස් වෙයි – දැනගන්න කලින් පරක්කු වෙන්න එපා

රන් මිල කැපී පෙනෙන ලෙස වෙනස් වෙයි – දැනගන්න කලින් පරක්කු වෙන්න එපා

මෙම සිදුවීම සිදුවන්නේ සාගරයේ ඉහළම ස්තරය වන "Photic Zone" හි සිදුවන වෙනස්කම් හේතුවෙන් ආලෝකය ජලය හරහා ගමන් කිරීම අපහසු වීමයි. මෙම ස්තරය, සාගර ජීවීන්ගෙන් 90%කට පමණ නිවහන වන අතර, ගෝලීය ජෛව භූ රසායනික චක්‍ර පවත්වා ගැනීමට ඉතා වැදගත් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

"Global Change Biology" ජර්නලයේ පළ වූ මෙම අධ්‍යයනයට අනුව, 2003 සිට 2022 දක්වා කාලය තුළ සාගරයේ අඳුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබී ඇත. ඇල්ගී වර්ධනයේ වෙනස්කම්, මුහුදු මතුපිට උෂ්ණත්වයේ උච්චාවචනයන් සහ අධික වර්ෂාපතනය හේතුවෙන් කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය ගොඩබිමෙන් සාගරයට එක්වීම මෙම අඳුරු වීමට ප්‍රධාන හේතු ලෙස හඳුනා ගෙන තිබෙනවා.

රුපියල තවත් බාල්දු වෙයි

රුපියල තවත් බාල්දු වෙයි

වෙරළබඩ ප්‍රදේශවල මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන අතර, මෙය ගෝලීය පරිසර පද්ධතියට බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව පර්යේෂකයන් අනතුරු අඟවයි.

අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව

අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව