ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...
By Parami Dissanayake
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුවී ඇති අතර වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 30,227 දෙනෙකු දිවයින පුරා වාර්තා වී තිබේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 6,965කි. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,126 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයෙන් 3,998 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,441 දෙනෙකු වාර්තා වී ඇති බව ය.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 21ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.