මරදානෙන් හමු වූ අභිරහස් මළ සිරුර.

Sri Lanka Police Sri Lanka Death
By Wayomi Oct 30, 2023 05:06 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (29)උදෑසන මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ බී.බී.සී. පාලම අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

එලෙස පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරක් මත මරදාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

පසුව විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වන උස අඩි 05 අඟල් 08ක, තළෙලු සිහින් සිරුරක් හිමි කොණ්ඩය කොටට කපා, නිකට යටින් රැවුල වැවී ඇති දම් පැහැ කොට කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසුණ අයෙකි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

ReeCha