උදේ කෑම ගේන්න යතුරු පැදියෙන් ගිය ළමයි දෙන්නට හොඳටම ගහලා යතුරුපැදිය හොරකම් කරලා

Report

උදෑසන ආහාරය රැගෙන ඒම සඳහා වෙළඳ සලකට යතුරුපැදියෙන් ආ එකම පවුලේ සහෝදර දරුවන් දෙදෙනකුට දැඩි ලෙස පහරදී ගල්කිස්ස ළමා රෝහල අසලදී ඔවුන්ගේ යතුරු පැදිය කොල්ල කා ඇති බවට පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 28 වැනිදා උදේ ආහාර ගෙන ඒම සඳහා පුතුන් දෙදෙනා යතුරු පැදියෙන් වෙළඳසැලකට ගිය බවත්, ආපසු එන අතරමග ප්‍රදේශයේම පදිංචි අයකු අත දමා ඔවුන් නතර කර යතුරු පැදිය ඉල්ලා ඇති බවත් අදාළ පුද්ගලයන් දෙදෙනාගේ මව පොලිසියට පැමිණිලිකර තිබුණා.

ආයේ වැඩි වෙන්න කලින් අරගන්න අද රන් මිල මෙන්න

ආයේ වැඩි වෙන්න කලින් අරගන්න අද රන් මිල මෙන්න

" යතුරු පැදිය දෙන්න බැහැ " යැයි කී විට උරණවී ඇති මොහු සිය පුත්‍රයන් දෙදෙනාව බිමට තල්ලු කර පහරදී බලහත්කාරයෙන් යතුරු පැදිය රැගෙන මැහිමුල්ල දෙසට එය පදවාගෙන ගොස් ඇති බවත් ,ලොකු පුතා කෑ ගසාගෙන යතුරු පැදිය පසුපස දිව යනවිට එය දුටු අසල්වැසියෙකු තමාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. දකුණු කළුතර අයි.ඩී.එච්.පාරේ පදිංචි රවන්මුණි රසිකා සංජීවනී ද සිල්වා (අවු.46) යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

සුළු මොහොතකට පෙර වෙන්නප්පුවේ වෙඩි තැබීමක් - අයෙක් මරුට

සුළු මොහොතකට පෙර වෙන්නප්පුවේ වෙඩි තැබීමක් - අයෙක් මරුට