මෙරට දූෂිතම ගඟ නම් කෙරේ..ඔබත් මේ අවට අයෙක් ද..?

POLLUTED RIVER KALANI MAHINDA AMARAWEERA
By Sewvandhi Dec 10, 2021 02:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට දුෂිතම ගංඟාව කැ,ණි ඟග බවට හඳුනාගෙන තිබේ. කැලණි ගඟ අපවිත්‍ර කරන ස්ථාන 1,344ක් මේ වන විට හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,

"මේකෙන් අපි බලාපොරොත්තු වුණේ කැලණි ගඟට අපද්‍රව්‍ය මොන ස්ථානවලින් ද එන්නේ, කොහොම ද ඒක විසඳන්නේ කියන එක. සුරකිමු ගංඟා ව්‍යාපෘතියෙන් අපේ බලාපොරොත්තුව මේ රටේ තිබෙන ගංඟා 103ම පිරිසිදු ගංඟාවන් බවට පත්කරන්නත්, ඒ වගේම ජලය පාවිච්චියට ගන්න පුළුවන් මට්ටමට ගෙන ඒමත් සඳහා තමා අපි කටයුතු කරන්නේ.

අපේ මේ ගංගා 103 දී අපි හඳුනාගෙන තිබෙනවා 10,743ක ස්ථාන ජලය අපිරිසිදු කිරීම් නැත්නම් ජලයට අපද්‍රව්‍ය එකතු කිරීමේ ස්ථාන විදියට මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම කැලණි ගඟේ තමා වැඩියෙන් ම දුෂිත ජලය තිබෙන්නේ. කැලණි ගඟ 1,344ක් ස්ථාන අපද්‍රව්‍ය එකතුවෙන තැන් විදියට හඳුනාගෙන තියෙනවා. ගෙවල්වල වැසිකිළිය තියෙන්නේ කෙලින්ම ගඟට. මේ සියල්ල නිවැරදි කිරීමට පියවර ගන්න ඕනේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW