කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණ අයට... එන්නත දෙන වයස් කාණ්ඩ මෙන්න.

Covid-19 Corona Virus Corona Vaccine
By Thaya Feb 02, 2021 06:32 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා දැනෙන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි.

එන්නත ලබාදීමෙන් පසුව උණ, ඇඟපත වේදනාව, සිරුරේ අප්‍රාණිකගතිය, වමනය, එන්නත් කළ ස්ථානයේ රිදීම් හා රතුවීම් වැනි සුළු අසාත්මිකතා ඇතිවිය හැකිය.

ඉදිරියේදී එන්නත් ලබාදීමේදී වයස අවුරුදු 40-60 වයස් කාණ්ඩයේ පසුවන්නන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත්, දෙවනුව වයස අවුරුදු 20-30ත් අතර පසුවන්නන්ටත්, තෙවනුව වයස අවුරුදු 60 ඉක්ම ගිය පුද්ගලයන්ට ලබාදීමටත් කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.