කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණ අයට... එන්නත දෙන වයස් කාණ්ඩ මෙන්න.

Covid-19 Corona Virus Corona Vaccine
By Thaya Feb 02, 2021 06:32 PM GMT
Report

කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත ලබාදීමෙන් පසුව වැඩියෙන්ම අපහසුතා දැනෙන්නේ තරුණ අයට බවත්, එය බියවීමට කරුණක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි.

එන්නත ලබාදීමෙන් පසුව උණ, ඇඟපත වේදනාව, සිරුරේ අප්‍රාණිකගතිය, වමනය, එන්නත් කළ ස්ථානයේ රිදීම් හා රතුවීම් වැනි සුළු අසාත්මිකතා ඇතිවිය හැකිය.

ඉදිරියේදී එන්නත් ලබාදීමේදී වයස අවුරුදු 40-60 වයස් කාණ්ඩයේ පසුවන්නන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත්, දෙවනුව වයස අවුරුදු 20-30ත් අතර පසුවන්නන්ටත්, තෙවනුව වයස අවුරුදු 60 ඉක්ම ගිය පුද්ගලයන්ට ලබාදීමටත් කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.