මෙරට දෙවැනියට වැඩිම අවදානමක් ඇති රෝගය ගැන අනාවරණයක්.පිරිමින්ට අනතුරු අඟවයි.

Cancer Sri Lanka Ministry of Health Sri Lanka National Health Service
By Wayomi Jul 27, 2023 05:14 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවට ජාතික පිළිකා මර්දන වැඩසටහටන අනතුරු අඟවනවා.

ඒ, අනුව මෙරට දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවයි එහි අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරන්නේ.

ඇය මෙම කරුණු අනාවරණය කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහි අධ්‍යක්ෂකවරිය වැඩි දුරටත් කරුණු දැක්වූයේ මෙලෙසින්,

“ලංකාවේ පිළිකාව තමා දෙවැනියටම වැඩියෙන් මරණ සිදුවන රෝගය. රෙජිස්ටර් ජනරල් දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂයේ 15,599ක් පුද්ගලයින් පිළිකාව නිසා මරණයට පත්වෙලා තියෙනවා. 2020 වර්ෂයේ අලුතින් 37,649ක් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම කාලයත් එක්ක අපිට පේනවා පිළිකාවේ අති විශාල වර්ධනයක්. පිරිමින් අතර තියෙන ප්‍රධානම පිළිකාව තමා මුඛ පිළිකා. මගේ දැනුම හැටියට නම් ඇත්තටම දුම්කොළ භාවිතය අඩුකරන්න තියෙන වැඩසටහන් මදි කියලා තමා කියන්න තියෙන්නේ. හුඟාක් දියුණු රටවල්වලට තියෙන්නේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා. ඒක වයසත් එක්ක හැදෙනවා. ඒකෙන් මැරෙන්නෙත් නෑ. අපේ රටේ මීට වඩා දුම්කොළවලට විරුද්ධව වැඩකටයුතු කළ යුතුයි.”

ReeCha