කළුතර පාසල් සිසුවිය රැඳී සිටි හෝටලය ගැන එළියට ආ අලුත්ම තොරතුර..

By krishani May 14, 2023 05:23 AM GMT
Report

කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අදාළ ලැගුම්හල ඉදිකර ඇත්තේ නීතිවිරෝධීව බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

එයට කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණංතුංග එම අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මීට පෙර කඩිනම් විමර්ශන වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ අනුව මෙලෙස නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join