මානව හිමිකම් කොමිසමෙන් දැඩි දැනුම්දීමක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෑතකදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසිවල අන්තර්ගත ඇතැම් නීතිමය කොටස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන්හි අපේක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට නිරීක්ෂණය වන බව සඳහන් කරයි.
ඒ අනුව කොමිෂන් සභාවේ නිල ස්ථාවරය අඩංගු ලිපියක් මේ සතියේදී ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව ද ඔවුන් තහවුරු කර ඇත.
එමෙන්ම ගැටලුකාරී වගන්ති කිහිපයක් පවතින බව පෙන්වා දෙන කොමිෂන් සභාව මඟින් හදිසි බලතල භාවිතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළම සිදුවිය යුතු බවට අවධාරණය කර ඇත.
ඊට අමතරව කොමිෂන් සභාව නිකුත් කරන ලද අඳාළ නිවේදනය තුළ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ ජීවිත හානි ඇතුළු විපත සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය ද පළ කර තිබුණා.
තවද රට යථා තත්ත්වයට පත් කිරීමට රජය ගනු ලබන කැපවීම සහ වෙහෙසකර උත්සාහයන් ඔවුන් අගය කර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරයා සහ රජය විවේචනය කරන්නන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි යොදන බවට රජයේ පාර්ශවකරුවන් විසින් කරන ලද ඇතැම් ප්‍රසිද්ධ ප්‍රකාශයන් වාර්තා වීම සම්බන්ධයෙන් කොමිසම සිය කනස්සල්ල පළ කර ඇත.
මේ අතර ඔවුන් දැඩිව සඳහන් කරන්නේ ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමක් වන අසත්‍ය තොරතුරු හැර, රජය විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධමය දඬුවම් පැනවීම තුළින් පාලනයක් ඇති කිරීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටිය යුතු බවටයි.