කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ස්වාධීනව මාධ්‍ය ඇමතීම තහනම් - සජිත්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ස්වාධීනව මාධ්‍ය ඇමතීම තහනම් කර තිබෙන බවට ආරංචියක් ඇති බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කුණාටු ආපදාවෙන් විපතට පත් දොම්පෙ ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා එම ප්‍රදේශයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි.
මේ අතර ගංවතුරින් මහා පරිමාණ කර්මාන්තශාලාවලට සිදුව ඇති අලාභය විනාශයද විපක්ෂ නායකවරයා එහිදී සොයා බැලීමට කටයුතු කළා.
එහිදී ඔහු සඳහන් කළේ සුනාමියක්ද පැමිණ තිබෙන රටක පෙර අවදානම් තත්ත්වයක් ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයක් බවයි.
එසේම මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හොඳටම ඉෂ්ඨ කර ඇති බවද පැවසූ අය දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මාධ්‍ය ආමන්ත්‍රණය තහනම් කර ඇති බවද ඔහු කියයි.
එහෙත් කළ යුත්තේ එය නොවන බවත් සුනාමියෙන් පාඩම් ඉගෙන ගත යුතු බවත් ඔහු තවදුරටත් පවසා සිටියා.