ඉදිරි දින දෙක තුළදී නුවරඑළිය ගැන සුබ ආරංචියක්
ඉදිරි දින දෙක තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසිය හැකි සියලු මාර්ග විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මේ අතර පසුගියදා විවෘත කිරීමට පියවරගත් නුවරඑළිය - නුවර ප්‍රධාන මාර්ගයට වහුගපිටිය ප්‍රදේශයෙන් නැවත ගලක් පෙරලීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට යළි බාධා එල්ලවූ බවද දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.