ගංවතුර බැස්සත් රටම බරපතළ අවදානමක

Report

ගංවතුර බැස යාමත් සමග පාචනය හා අතීසාරය ඇතුළු රෝග පැතිර යාමේ බරපතළ අවදානමක් මතුවී ඇති බව වාර්තා වේ.

එනිසා උණුකර නිවාගත් ජලය පමණක් පාවිච්චි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා විශේෂ අවධානය ​යොමු කළ යුතුව ඇති බවයි.

සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක් - වහාම අමතන්න

සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක් - වහාම අමතන්න

එසේම ඩෙංගු, මී උණ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අකුරටම පිළිපදින ලෙසද ඔහු ඉල්ලා සිටියි. තවද වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කළේ වයිරස් උණ සහ ශ්වසන රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බවත් ගර්භනී මව්වරු, දරුවන්, වයස්ගත අය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවත් ය.

මේ අතර ඔහු පෙන්වා දුන්නේ ආපදාවට ලක්වූ ප්‍රදේශවල සියයට 80ක් ජල මූලාශ්‍ර අපවිත්‍ර වී ඇති බැවින් උණු කළ ජලය පමණක් භාවිත කිරීම අතිශය වැදගත් බවයි.

දිට්වා නිසා ලංකාවට තවත් ව්‍යසනයක් - මේ වෙලාවේ කරන්න ඕන දේ දැනුම් දෙයි

දිට්වා නිසා ලංකාවට තවත් ව්‍යසනයක් - මේ වෙලාවේ කරන්න ඕන දේ දැනුම් දෙයි

ආයේ කන්න බතුත් නැති වෙයි වගේ - හාල් වලටත් වැඩේ දීලා

ආයේ කන්න බතුත් නැති වෙයි වගේ - හාල් වලටත් වැඩේ දීලා