අවතැන් කඳවුරුවල සිටින පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්
ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 35 දෙනෙකු හා ගුරුවරු 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් ප්‍රකාශ කරයි.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ එක් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරතුරු මේ වනවිට ඒකරාශි කරමින් තිබෙන බවත් ඔහු පවසා ඇත.
එසේම අතුරුදන් වූ පාසල් සිසුන් හා ගුරුවරු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු මෙතෙක් තහවුරුව නොමැති බවද සඳහන් කළ අධ්‍යක්ෂවරයා මහනුවර දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් 97,850 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙන ප්‍රකාශ කළා.
මේ අතර ඔහු අවධාරණය කළේ මාතලේ දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 8,500 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මේ වනවිට ගණනය කරමින් තිබෙන බවත් ය.
ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 130 ක් අපදාවට ලක්ව තිබෙන බවද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවා.
මේ අතර පාසල් සිසුන් විශාල පිරිසක් මේ වනවිට අවතැන් කඳවුරු වල සිටින බවත්, ලබන 16 දින පාසල් විවෘත කිරීමත් සමඟ ඔවුන්ට ළඟම ඇති පාසලට ගොස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දන්වා ඇත.