අද ඉඳන් කොළඹ යන අයට විශේෂ සේවයක්

Report

අද (08) දින සිට මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල සඳහන් කර සිටියේ එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරිමේ හැකියාව ඇති බවයි.

එසේම දැනට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා පමණක් බවද සඳහන්.

මේ අතර කඩුගන්නාව ප්‍රදේශයෙන් තවමත් මාර්ගය අවහිරවීම හේතුවෙන් මහනුවර, කටුගස්තොට, ගලගෙදර, හතරලියද්ද, රඹුක්කන, කරඬුපන, කෑගල්ල, හරහා කොළඹ දක්වා බස් රථ ධාවනය කෙරෙන බව වාර්තා වේ.

හැමෝටම සතුටු හිතෙන පණිවුඩයක්

හැමෝටම සතුටු හිතෙන පණිවුඩයක්

රාජ්‍ය සේවකයින්ගේ මේ නිවාඩු වහාම නතර කරන්න - චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ගේ මේ නිවාඩු වහාම නතර කරන්න - චක්‍රලේඛයක්

පාසල් විවෘත කරන දිනය මෙන්න

පාසල් විවෘත කරන දිනය මෙන්න