පළමු වෙනිදා සිදු වූ භූ කම්පනය ජපානයේ පිහිටීම වෙනස් කරලා. - (VIDEO)
ජපානයේ පිහිටීම වෙනස් වී ඇති බව එරට භූ විද්‍යාඥයන් පවසනවා.
ඔවුන් පවසන්නේ, රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් සහ ඉන්පසු හටගත් අතුරු භූමි කම්පාවලින් පසු මෙම තත්වය සිදුව ඇති බවයි.
ජපානය ප්‍රධාන දූපත්වලින් සහ කුඩා දූපත්වලින් සැදුම්ලත් දූපත් රාජ්‍යයක් වන අතර භූ විද්‍යාඥයන්ට අනුව, ජපාන භූමියේ පිහිටීම මීටර් 4 කින් ඉහළට එසවී ඇති බවත්, මීටරයකින් බටහිර දෙසට තල්ලු වී ඇති බවත් සඳහන්.
ඔවුන් ලබා ගත් දත්ත සහ චන්ද්‍රිකා ඡායාරූප පාදක කර ගනිමිණි. රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා 155 ක් ජපානය කැලැඹූ බව එරට භූ විද්‍යාඥයන් පවසනවා.
ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් ජපානය කැලැඹුණේ පසුගිය පළමු වැනිදායි..
භූමි කම්පාවෙන් මියගිය ගණන 78 කි. නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වී අතුරුදන් වූ ගණන 50 ක්.
මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවසෙන අතර භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 330 දක්වා ඉහළ ගොස් තවත් පිරිස් අතුරුදන්ව ඇත.
(ඒ.එෆ්.පී.)
Sponsored By Sarrita Jewellery
