සිසු සැරිය ගැන ගත් තීරණය.

Sri Lanka Sri Lankan Schools
By Hashini Oct 31, 2023 05:39 AM GMT
Hashini

Hashini

Report

පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදාගන්නා ‘සිසු සැරිය’ බස්වල රියැදුරන් ලෙස මින් ඉදිරියට මැදිවියේ පසුවන පුද්ගලයන් පමණක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා ඒ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ සෑම ඩිපෝ අධිකාරිවරයකුම මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත් නිවැරැදි පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත රියැදුරන් සහ රිය සහායකවරුන් ඒ සඳහා යෙදවීමට උපදෙස් ලබාදී ඇති බවත්ය.

සිසු සැරිය බස්වල ගමන් ගන්නා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම රියැදුරන්ට නිසි පුහුණුවක් ලබාදෙන බවද ඔහු සඳහන් කරනවා.

ඇතැම් රියැදුරන් වගකීම් විරහිත ලෙස රිය ධාවනය කරනු ලබන අවස්ථා පසුගිය කාලසීමාවේදී නිරීක්ෂණය වූ බැවින් දරුවන්ගේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාව ලබාදීමට මෙවැනි තීරණයක් ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

‘සිසු සැරිය’ සඳහා යොදා ගන්නා බස්රථ නඩත්තු කිරීමේදී මෙන්ම රිය ධාවනයේදී ද දැඩි ආරක්ෂක පියවර දැනටමත් ක්‍රියාත්මක වනවා. 

ReeCha