ආදාහනයේදී මිය ගිය බිරිඳට පණ ඇවිත්.

By Wayomi Feb 18, 2024 06:35 AM GMT
Report

මියගිය බවට අනුමාන කළ ඉන්දියාවේ ඔඩීෂාහි කාන්තාවක් ගිනි තැබීමට මොහොතකට පෙර දෑස් විවර කළ පුවතක් වාර්තා වෙනවා.

වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් හෝ මරණ සහතිකයක් ලබා ගැනීමට උත්සාහ කිරීමකින් තොරව 52 හැවිරිදි එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සිය බිරිඳ මියගියේ යැයි අනුමාන කර පසුගිය 12 වැනිදා ඇගේ සිරුර බිජිපූර්හි ආදාහනාගාරය වෙත අවමංගල්‍ය රථයකින් රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ඉක්මනින් සිය බිරිඳ ස්වාමිපුරුෂයා විසින් රෝහලකට රැගෙන යනු ලැබ ඇතත් ප්‍රතිකාර කිරීමට මුදල් නොමැති වීම නිසා පසුව ඇයව නිවසට රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් ඇයගේ නෑදෑයන් පවසන්නේ,එතැන් සිට මේ දක්වා ඇය ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැති වීම නිසා ජීවිතයත් මරණයත් අතර සටන් කරන බවත්ය.